Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2023 22:44:00 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙතින් සරණ වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පහසුකම් සලසයි

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙතින් පසුගිය සෙනසුරාදා (6) දින සඳුන්පුර සරණ වැඩිහිටි නිවාසයේදී පුණ්‍යමය වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

එම වැඩසටහනේදී, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ භටපිරිස් විසින් වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නහවා පිරිසිදු කර, එම පරිශ්‍රයේ කසළ ද්‍රව්‍ය එකතු කර ඉවත් කරනු ලැබූ අතර වැඩිහිටි නිවාසයේ විදුලි අලුත්වැඩියාවක් ද සිදුකරනු ලැබීය. මෙම වැඩසටහනේදී ජංගම වෛද්‍ය සායනයක් පවත්වා එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත වෛද්‍ය ආධාර ලබාදීමට ද භටපිරිස් කටයුතු කළහ.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා සිය නොමසුරු දායකත්වය ලබාදුන් අතර වැඩිහිටි නිවාසයේ පරිපාලන නිලධාරින් යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය ඇගයීමට ලක්කරනු ලැබීය.