08th May 2023 22:53:25 Hours
වෙසක් පුන් පොහෝ දින (05) වෙසක් අසිරිය නැරඹීම සඳහා සංචාරයේ නිරත වැලිකන්ද, මොණරතැන්න, සිංහපුර, මනම්පිටිය සහ බෝවත්ත යන ප්‍රදේශවල සිවිල් වැසියන් 3000 ක් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් දැවැන්ත දන්සැලක් සංවිධානය කරනු ලැබීය.
භික්‍ෂූන් වහන්සේලා විසින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් එම දන්සැල සහ වැලිකන්ද නගරයේ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය විවෘත කරනු ලැබීය.
3 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සහ වැලිකන්ද මහ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ශ්‍රම දායකත්වය මත නිර්මාණය කරනු ලැබූ මෙම වෙසක් පහන් කූඩු වැලිකන්ද නගර මධ්‍යයේදී ප්‍රදර්ශනය කෙරිණි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත ඒකකයන්හි සියලුම මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් මෙම වැඩසටහන වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන්හ.