Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th February 2023 17:45:08 Hours

යුද්ධ හමුදා ගෞරවාචාරය මධ්‍යයේ සාමසාධක මෙහෙයුම් වල නිරතව සිට අභාවප්‍රාප්ත වූ වීරෝදාර රණවිරුවාගේ අවසන් කටයුතු සිදුකරයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය ගේ අවසන් කටයුතු අනුරාධපුර, විහාරපාලුගම දී පසුගිය සෙනසුරාදා (25) දින ශෝකයටපත් පත් පවුලේ සාමාජිකයන් සහ ඥාතිහිත මිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙන් හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරනු ලැබීය.

අභාවප්‍රාප්ත ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රියගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් දීපාල් ගමගේ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් ශෝකයට පත් පිරිස් ද පැමිණ සිටියහ. යුද්ධ හමුදා ගෞරවාචාර පිරිනැමීමෙන් අනතුරුව, දේහය පවුලේ සුසාන භූමියේ ආදාහනය කරනු ලැබීය.

නියෝග 1 කොටස (Part 1 Order) පහතින් දැක්වේ.