Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2024 08:39:31 Hours

‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක-76’ පාඨමාලාව සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක-76’ සාර්ථකව අවසන් කළ සෙසුනිලයන් 189 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 20 දින පැවැත්විණි.

පාඨමාලාව සඳහා සහභාගීවූවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් පී.අයි. පුංචිහේවා විසින් සමාප්ති දේශනය පවත්වන ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.බී.එස්. දිල්හාර සම්මාන දිනාගත්තේය.