Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2024 15:00:56 Hours

141 පාබල බලසේනාව වෙතින් වෘත්තීය පුහුණුව පිළිබඳ දේශනයක් පවත්වයි

141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත පුහුණු දිනයට සමගාමීව 2024 නොවැම්බර් මස 06 දින වෘත්තීය පුහුණුව සහ ඇගයීම පිළිබඳ දේශනයක් පැවැත්විණි. මෙම දේශනය වේයන්ගොඩ, වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය ඇතිව 141 පාබල බලසේනා දේශන ශාලාවේදී පැවැත්විණි.

සෙබළුන්ගේ වෘත්තීය කුසලතාවයන් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් වේයන්ගොඩ වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ විසින් මෙම දේශනය පවත්වනු ලැබූ අතර, මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසුනිලයන් 73 දෙනෙකු සහභාගී වූහ.