Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2023 00:02:53 Hours

‘සුනාමි පෙර සූදානම’ පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඒකාබද්ධව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ‘සුනාමි පෙර සූදානම’ මැයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ වැඩමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා 61 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි සහ 61 වන පාබල සේනාංකයේ සාමාජිකයින්ගේ සහයෝගය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය මාගල්ල අනුලාදේවි බාලිකා විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (24) දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා එම විද්‍යාලයේ සිසු සිසුවියන්, පාසල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් 1800 කට අධික පිරිසක් ද සහභාගී වූහ.

ගාල්ල ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව න්‍යායික මෙන්ම ප්‍රායෝගික අභ්‍යාස සමඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ, ගාල්ල දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ ග්‍රාම නිලධාරින් ද සහභාගී වී සිටියහ.

2023 මාර්තු මස 1 සිට 3 දින දක්වා කාලය තුළ යුද්ධ හමුදා සාමාජිකයන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව මෙවැනිම තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඒ සඳහා මාදම්පාගම කුමාර කාශ්‍යප කනිෂ්ඨ විද්‍යාලය සහ මාදම්පාගම, මාදම්පා මහා විද්‍යාලයේ සිසු සිසුවියන් දහසකට අධික පිරිසක් සහභාගී වූහ.