Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2023 21:30:11 Hours

‘ඛණ්ඩ අවි පාඨමාලා අංක - 20’ සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ජනවාරි මස 21 දින යුද්ධ හමුදා සාමාජිකයන් 36 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබූ ‘ඛණ්ඩ අවි පාඨමාලා අංක - 20’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය මාර්තු මස 21 දින එම පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ සහතිකපත් ප්‍රදානය කිරීමට ප්‍රථම සමාප්ති දේශනය පැවැත්වූයේය. පාඨමාලාවේ ලබාගත් ලකුණු අනුව 6 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ජේ.ඒ.ඩබ්ලිව්.ඩබ්ලිව්. බණ්ඩාර ප්‍රථම ස්ථානය දිනාගනිමින් සේනාවිධායකගේ විශේෂ පැසසුමට ලක්විය. යුද්ධ හමුදාවේ භාවිතා වන ඛණ්ඩ අවි පිළිබඳව අවධානය යොමු කරමින් පැවැත්වූ මෙම පාඨමාලාව න්‍යායාත්මක හා ප්‍රායෝගික සැසි වලින් සමන්විත විය. පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.