Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2023 19:50:49 Hours

24 පාබල සේනාංකය මගින් පැවැත්වූ නිලධාරී පුහුණු දිනය සාර්ථකව අවසන්

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි ගේ උපදෙස් සහ මගපෙන්වීම මත 2023 වසරේ පළමු කාර්තුවේ එම සේනාංකයේ නිලධාරීන්ගේ පුහුණු දිනය ඉකුත් සෙනසුරාදා (8) දින අක්කරෙයිපත්තුව 241 පාබල බලසේනා සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය.

පුහුණු දින වැඩසටහනේදී 24 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් අම්පාර දිස්ත්‍රික්කයේ වර්ථමානයේ පවතින නොයෙක් ගැටලු සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණයන්හි කාලීන වශයෙන් වැදගත් වන තොරතුරු ඉදිරිපත් කරන ලදී.

පුහුණු දින වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ යුද්ධ හමුදාව රාජකාරියෙහි නිරත ප්‍රදේශයන්හි ඇති ආර්ථික, සමාජීය, ආගමික සහ වෙනත් ඒ ආශ්‍රිත ගැටළු හඳුනා ගැනීම සහ එම ගැටළු නිරාකරණය කරගැනීමට හෝ අවම කිරීම සදහා සුදුසු යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික පසුබිම පිළිබඳව සෙවීමත්, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ දියුණුකල හැකි අංශ සහ අභියෝග පරීක්‍ෂා කිරීමත්, 23 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අම්පාර දිස්ත්‍රික්කයේ සමාජ හා ආර්ථික ගැටළු හඳුනාගැනීමත්, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව අම්පාර දිස්ත්‍රික්කයේ වාර්ගික, ආගමික සහ සංස්කෘතික සංහිඳියාවට ඇති අභියෝග සෙවීමත් සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව අම්පාර දිස්ත්‍රික්කයේ වත්මන් වාරිමාර්ග ක්‍රම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට භාජනය කරන ලදී.

මෙම පුහුණු දින වැඩසටහන සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 241 වන සහ 242 වන පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්, 24 වන පාබල සේනාංකයේ සහ බලසේනාවන්හි මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිළධාරීන් සහ නිලධාරීන් ඇතුලු 40 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.