Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2024 18:18:42 Hours

51 පාබල සේනාංකය ‘Seagull’ යුද අභ්‍යාසයට සූදානම් වෙයි

51 පාබල සේනාංකය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධව සිදුකරනු ලබන ‘Seagull’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා උතුරු නාවික ප්‍රදේශයේ පුහුණුවීම් අභ්‍යාසයක් පසුගියදා සිදුකරන ලදී. අවසන් අභ්‍යාසය මණ්ඩතිව් දූපතට දකුණින් පිහිටි පලයිතිව් දූපතේ පැවැත්වීමට නියමිතය.

මෙම පුහුණු අභ්‍යාසයේ පෙර පුහුණු විම් ජනවාරි මස 04 දින සිට 06 දින දක්වා පවත්වන ලදී. පුහුණු අභ්‍යාසය පැවැත්වීමේ අරමුණ වනුයේ නාවික යාත්‍රා සහ මුහුදු තත්ත්වයන් පිළිබඳව යුද්ධ හමුදා භටපිරිස් හුරු කරවීම සහ අවසන් අභ්‍යාසය සඳහා සූදානම් කිරීමයි. 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්සී යූඑස්වී එන්ඩීසී ගේ අධීක්‍ෂණය යටතේ මෙම පුහුණු අභ්‍යාසය සඳහා නිලධාරීන් 40 කට අධික සංඛ්‍යාවක් සහ සෙසු නිලයින් 353 දෙනෙකු සහභාගි වූහ.

පුහුණු අභ්‍යාසය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟින් කන්කසන්තුරේ ප්‍රධාන උතුරු නාවික ප්‍රදේශයේදී සහ කයිට්ස්හි පිහිටි කන්චදේව නාවික හමුදා කඳවුරේ හිදී පැවැත්විණි. පලයිතිව් දූපතට ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුලත්වූ ‘Seagull’ යුධ පුහුණු අභ්‍යාසය ජනවාරි මස 11 දින ආරම්භ කිරීමට නියමිතය. මෙම අභ්‍යාසය මගින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ට ඔවුන්ගේ විවිධ යුධ හැකියාවන් පරීක්‍ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.