2024-08-06 19:11:23
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසලේ දරුදැරියන් 2024 අගෝස්තු මස 02 දින විරු කැකුළු ක්‍රීඩා පිටියේදී ‘මිකී මවුස්”යන තේමාව යටතේ වාර්ෂික ක්‍රීඩා උළෙලේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ.
2024-08-06 18:41:38
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ සංකල්පයක් මත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්වරුන්ගේ භාර්යාවන් 28 දෙනෙකු වෙනුවෙන් මූලික මාතෘ අත්යාවශ්යතා ද්‍රව්‍ය 2024 ජූලි මස 31 දින ප්රදානය කරන ලදී.
2024-08-05 10:55:55
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ 1 ක්ෂ්ත්ර ඉංජිනේරු රෙජිමේන්තුවේද සහය ඇතිව අධ්‍යාපනය හදාරන දරුදැරියන් සඳහා ආධාර කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ජූලි මස 30 දින පවත්වන ලදී.
2024-08-02 21:29:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්ෂ මහත්මිය විසින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සේවා වනිතා ශාඛාවේ නව කාර්යාලය 2024 ජූලි මස 27 දින විවෘත කරන ලදී.
2024-08-02 21:23:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි 26 දින පැවැත් විණි.
2024-08-01 10:28:58
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ කමිටු රැස්වීම එම රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජූලි 27 දින පැවැත්විය.
2024-07-31 19:22:27
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 21 දින අම්බලන්ගොඩ වරුසවිතාන වැඩිහිටි නිවාසයේ දී දානමය පිංකමක් පැවැත්විය. එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවක් වන ඔශංකා රත්නායක මහත්මියගේ අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහනට නේවාසික ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් 18 දෙනෙකු වෙනුවෙන් සංග්‍රහක් සුදානම් කළ තිබුණි.
2024-07-30 17:22:14
ගැමුණු හේවා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ මගපෙන්වීම යටතේ ඒම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 ජූලි මස 27 දින මහරගම අපේක්ෂා රෝහලේ සංචාරයක නිරතවිය.
2024-07-30 17:21:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාව විසින් කෘත්‍රිම අත් සහ පාද ප්රදානය කිරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 28 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2024-07-30 17:20:04
1 ශ්‍රේණියට ඇතුළත් වන දරුදැරියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජූලි මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ දී පවත්වන ලදී.