Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2024 19:44:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තය, මධ්‍යම අවි හා පතුරොම් ගබඩාව සහ යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 26 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 14 දින ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සමඟින් භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු සහභාගී විය.

පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.