06th October 2024 14:16:54 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් මෙහෙයවනු ලබන නිවාස ව්‍යාපෘතියේ තුන්වන අධියර සඳහා ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ 2024 ඔක්තෝම්බර් මස 3 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මිය විසින් තොරාගත් රණවිරුවන් දෙදෙනෙකු වෙත නිවසේ වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හතරක මුල්‍යාධාර පිරිනමන ලදී.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන්ගේ නිවාස 19 ක් සම්පූර්ණ කිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් වන අතර, මෙම අවස්ථාවට එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී විය.