Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ප්‍රජා සත්කාර

  • 55 වන සේනාංකයේ සම්බන්ධීකරනයෙන් කඩෙයකාඩු ප්‍රදේශයට ළමා උද්‍යානයක්

    12th May 2022 11:40:50 පැය

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් දකුණු ප්‍රදේශයේ අනුග්‍රාහකයින් පිරිසකගේ මූල්‍යමය ආධාර ඇතිව යාපනය අර්ධද්වීපයේ කඩෙයකාඩු සහ කෙවිල් යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම කුසලතාව සංවර්ධනය කිරීම සඳහා ළමා උද්‍යානයක් සහ පුස්තකාලයක් ඉදිකරන ලදී.

  • යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලක් වෙනුවෙන් නව නිවසක්

    12th May 2022 11:39:29 පැය

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ භටපිරිස් විසින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් පේදුරුතුඩුව, පුලෝලි ප්‍රදේශයේ ජීවත්වන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වෙත නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය බදාදා (27) දින මුල්ගල් තබන ලදී.

  • 51 වන සේනාංකය වෙතින් පාසල් සිසු සිසුවියන් වෙත පා පැදි බෙදාදෙති

    20th April 2022 15:20:13 පැය

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් එම සේනාංකයේ අනුග්‍රාහකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ සිත්තන්කර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් වෙත පාපැදි 10 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (12) දින ක්‍රියාත්මක කරන ලදී.

  • යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තවත් අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක්

    20th April 2022 15:16:27 පැය

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ‘සෞභාග්‍ය නිවාස වැඩසටහන’ ව්‍යපෘතිය යටතේ පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පරාක්‍රමපුර, තෝනිගල ප්‍රදේශයේ ඒ.එම්.ඉන්ද්‍රානි මහත්මියගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙන ලදී.

  • පුත්තූර් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

    20th April 2022 15:14:37 පැය

    52 වන සේනාංක බලප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් 44 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උදය හේරත් ගේ ප්‍රධානත්වයෙන් 2022 අප්‍රේල් මස 08 දින පුත්තූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ දී පැවැත්විණි.

  • කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ මහජනතාව දැනුවත් කරයි

    04th August 2021 16:12:35 පැය

    ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනාවේ ඉල්ලීමකට අනුව, මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රයෝජනය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් උදයාර්කට්ටුකුලම් ප්‍රදේශයේ ගොවි උපදේශක සාරන්‍යා සෙල්වරාජ් මහත්මිය විසින් ඉකුත් අඟහරුවාදා (27) දින පවත්වන ලදී.

  • 65 වන සේනාංකයේ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරති

    09th June 2021 22:18:46 පැය

    සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින මුලන්කාවිල් ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී වැසියන් වෙත සහන සැලසීමේ අරමුණින් පසුගිය සඳුදා (31) දින යුද්ධ හමුදා භටපිරිස් වියළි සලාක බෙදාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළහ.

  • එන්නත්කරණ වැඩසටහන් සඳහා යාපනය භටපිරිස් සහයවෙති

    09th June 2021 22:15:47 පැය

    යාපනය අර්ධද්වීපයේ වෙසෙන මහජනතාව වෙනුවෙන් ප්‍රථම වරට ලබාදෙන ‘Sinopharm’ එන්නත් තොගය භාරදීම පසුගිය ඉරිදා (30) දින යාපනය හෙද පුහුණු පාසලේදී සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමන්, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ, දිස්ත්‍රික් ලේකම්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාපනය දිස්ත්‍රික්කයේ...

  • උච්චිල්කඩ්ඩි ගම්වාසීන්ට යුද්ධ හමුදාවෙන් ජානීය ජලය සපයයි

    09th June 2021 21:15:47 පැය

    පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන උච්චිල්කඩ්ඩි ගම්වාසීන්ට ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පානීය ජලය සැපයූහ.

  • බූවැලිකඩ ප්‍රදේශයේ නායයෑමට ලක්වූ ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ තවමත් සිදුකෙරේ

    21st September 2020 11:44:30 පැය

    මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් නායයෑමකට ලක්ව තවත් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බැවින් ඔවුන් මුදාගැනිමේ දැවැන්ත මෙහෙයුමක මේ වනවිටත් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු, 10 වන ගජබා රෙජිමේන්තු සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා භටපිරිස් නිරතව සිටිති.