Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ මහජනතාව දැනුවත් කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනාවේ ඉල්ලීමකට අනුව, මුලතිව් ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රයෝජනය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් උදයාර්කට්ටුකුලම් ප්‍රදේශයේ ගොවි උපදේශක සාරන්‍යා සෙල්වරාජ් මහත්මිය විසින් ඉකුත් අඟහරුවාදා (27) දින පවත්වන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 681 වන බලසේනා මුලස්ථානය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

681 වන බලසේනාවේ මුලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා 7 වන ගැමුණු හේවා බලඇණියේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහයෝගය හිමිවිය.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ උපදෙස් මත 68 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් හෙට්ටිආරච්චිගේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.