Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තවත් අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ‘සෞභාග්‍ය නිවාස වැඩසටහන’ ව්‍යපෘතිය යටතේ පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පරාක්‍රමපුර, තෝනිගල ප්‍රදේශයේ ඒ.එම්.ඉන්ද්‍රානි මහත්මියගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙන ලදී.

ඒ.එම්.ඉන්ද්‍රානි මහත්මියගේ සැමියා හෘදයාබාධයක් හේතුවෙන් මියයෑම හේතුවෙන් ඇයගේ දියණියන් දෙදෙනා සහ මව සමඟ හිසට සෙවනක් සහ ආදායම් මාර්ගයක් නොමැතිව දැඩි දුෂ්කරතාවයන් මධ්‍යයේ දිවිගෙවමින් සිටිනු ලැබීය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර ඒ අනුව, 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් මෙම වැඩසටහන සඳහා සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ. 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.කේ.එස්. පැරකුම් සමඟ 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි විසින් මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු සිදුකරන ලදී.

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවය පසුගිය දා පැවති අතර එහිදී, 621 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ රාජ්‍ය නිලධාරින් විසින් එම නිවස ඉන්ද්‍රානි මහත්මිය සහ ඇගේ දරුවන් වෙත භාරදෙනු ලැබූහ.