19th September 2019 14:17:01 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් තමන්ගේම නිවසක් නොමැතිව දුක් ගැහැට විදින සිවිල් වැසියන් හට උපකාර කිරීමේ අරමුණින් තවත් අඩුආදායම්ලාභි පවුල් දෙකකට නව නිවාස දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඉකුත් ඉරිදා (15) දින සිදුකරනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින දානපතියන්...
16th September 2019 16:46:19 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වඩ්ඩාකච්චි ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ සහ කිලිනොච්චි මුරුගානන්ද ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ නව පාසල් ගොඩනැගිලි දෙකක් ඉදිකර ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා පවරා දෙන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් අඹලන්ව ඇති පාසල් ගොඩනැගිලි දෙකක ඉදිකිරිම් කටයුතු 11 වන ඉංජිනේරු සේවා බලකාය, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ....
16th September 2019 16:32:16 පැය
54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ බණ්ඩාර ගේ උපදෙස් පරිදි 54 වන සේනාංකයේ 9 වන සංවත්සරය නිමිතිකොට ගෙන එම සේනාංකයේ භට පිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (10) දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
08th April 2019 11:41:30 පැය
අම්පාර ප්‍රදේශයේ ‘බුද්ධංගල සමාධි බුද්ධ ප්‍රථිමා මාවත’ නමින් එම ගම්මානයේ විහාරස්ථානයට පිවිසෙන මාර්ගය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කොන්ක්‍රීට් අතුරා සකස් කිරිමෙන් අනතුරුව බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමියන්ගේ ආරාධනයකට අනුව මාර්ගය කර විවෘත කිරිම සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (23) විවෘත කරන ලදි.
08th April 2019 11:24:35 පැය
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානයේ නිළධාරීන් 12 දෙනෙකුන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 262 නෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් සිකුරාදා (29) දින ශ්‍රී පාදස්ථානයට ගමන් කිරිමට ඇති නල්ලතන්නි පාර දෙපස පරිසරය දූෂණය වන අයුරින් ඉවතලා තිබු කසළ ගොඩවල් ඉවත් කිරිම සඳහා ශ්‍රමදානමය ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
08th April 2019 11:15:38 පැය
අංක 306 ඒ/1, කොළඹ 04 සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 213 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (30) දින පූල්එලිය පාසල් පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර පාසල් බලධාරීන් වෙත භාරදුන්හ.
11th December 2018 13:02:59 පැය
මහනුවර අමිපිටිය බෙරව්වෙර්ට්ස් විද්‍යාලය වෙතින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කළ ඉල්ලිමකට අනුව එම පාසලේ සිසු සිසුවියන් 64 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා රයිෆල් බළකා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදේස් මත බදාදා (28) දින දවස පුරා පවත්වනු ලැබීය.
11th December 2018 12:54:05 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් විශ්‍රාමික මේජර් අරුණ පෙරේරා සහ ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහකත්වය ඇතිව මැදිරිගිරිය කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ සහ බෙබියාව ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් උපකරණ ඇතුලත් තෑගි පාර්සල් තොගයක් සිකුරාදා (30) දින මැදිරිගිරිය කුමුදුපුර ප්‍රාථමික විද්‍යාලයේ පැවැති උත්සවයකදී බෙදාදෙනු ලැබීය.
11th December 2018 12:50:09 පැය
51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිකුරාදා (07) දින සහ සෙනසුරාදා (08) දින වඩුක්කොඩෙයි රෝහලේ දී සහ කරෙයිනගර් සුබ්‍රමුනියම් විද්‍යාලයේ දී සිවිල් වැසියන් සඳහා ජංගම අක්ෂි සායන දෙකක් සංවිධානය කළහ.
09th June 2018 11:58:26 පැය
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති රත්නපුර, ඇළපාත වැවේ, වැව්බැම්ම ආරක්ෂා කිරීම සඳහා 58 වන සේනංකයට අයත් 583 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (26) දින වැලි කොට්ට අසුරණ ලදි. ඇළපාත වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඒ අවට ප්‍රදේශයේ නිවාස 25 ක් පමණ....