03rd March 2023 09:54:19 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 551 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සහ ඔවුන්ගේ තාක්ෂණික දැනුම, ශ්‍රම දායකත්වය ලබාදෙමින් දානපතියෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව පේදුරුතුඩුව තුම්පලෙයි (ඊ) ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.
02nd March 2023 18:00:32 පැය
59 පාබල බලසේනාව සහ 593 පාබල බලසේනාවේ භටපිරිස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාව සමඟ එක්ව චෙම්මලෙයි දෙමළ පාසල සහ කෝකිලායි සිංහල පාසලේ ඉගෙනුම ලබන සිසුන් 200 දෙනෙකු සඳහා ඉකුත් අඟහරුවාදා (පෙබ 28) දින පාසල් උපකරණ බෙදා දෙන ලදී.
28th February 2023 18:17:08 පැය
ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයට අයත් 211 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් (The Spirit of Giving) සංගමයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව, පඩිග්ගම, අ/ධර්මාශෝක විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ ඇසුරුම් 64ක් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (25) දින පවත්වනු ලැබීය.
19th February 2023 18:39:10 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 122 වන පාබල බලසේනාවේ සහ 12 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත යෝදකණ්ඩිය, ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සහ කිරින්ද, ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 30 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය අධ්‍යාපනික...
19th February 2023 18:35:24 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත කැනඩාවේ පදිංචිව සිටින පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත දීර්ඝ කාලයක් පුරාවට පානීය ජලය නොමැතිව දුෂ්කරතාවයන්ට මුහුණ පාමින් සිටි ශාන්තිපුරම් ප්‍රදේශයේ පවුල් 125 ක වැසියන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ජල පෙරණ පද්ධතියක් ස්ථාපනය කරන ලදී.
16th February 2023 20:00:57 පැය
කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්යක්ෂ මණ්ඩලය, නාරාහේන්පිට මහජන බැංකු ශාඛාව සමඟ ඒකාබද්ධව ජාතික නිදහස් දින සැමරුම සනිටුහන් කරමින් 2023 ජනවාරි මස 01 දින සිට පෙබරවාරි මස 14 දින දක්වා කාලය තුළ බිළිඳුන් ප්‍රසූත කළ මව්වරුන් සඳහා මුදල් සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
24th January 2023 19:29:20 පැය
පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම පරිශ්‍රයේදී පසුගිය සඳුදා (23) දින පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට සක්‍රීයව දායක වෙමින් ඒ වෙනුවෙන් සිය රුධිර සංචිතයන් ලබාදුන්හ.
23rd January 2023 16:40:39 පැය
මාන්තෛ, නද්දන්කන්ඩාල් රජයේ දමිළ මිශ්‍ර පාසලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 652 වන බලසේනාවේ භටපිරිස් විසින් එම විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ගේ අවශ්‍යතාවයක්ව පැවති බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියක් ඉදිකර පසුගිය බදාදා (18) දින සිසු අයිතියට පවරනු ලැබීය.
18th January 2023 19:00:47 පැය
යාපනය දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි 521 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් කොඩිකාමම්, උඩුප්පිඩ්ඩි සහ වලෙයි ප්‍රදේශවල පදිංචි තෝරාගත් ගර්භනී කාන්තාවන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 20 ක් ඉකුත් සෙනසුරාදා (14) දින ප්රදානය කරන ලදී.
28th September 2022 17:02:41 පැය
උඩුත්තුරෙයි, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන තවත් පවුලක් පිළිබඳ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ අවධානය යොමුවීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි තාක්ෂණික දැනුම, ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වයත්වය මත එම පවුල වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.