19th November 2017 20:44:40 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 18 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස අඟහරුවාදා (07) දින මොණරාගල ප්‍රදේශයේ පිහිටි ‘පිළිසරණ’ ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාරයක් පිරිනමනු ලැබීය.
17th November 2017 11:34:30 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 බලසේනාවේ භට පිරිස් බදාදා (08) දින යාපනය ගුරුනගර් වෙරළ තීරය දිගේ තම බල ප්‍රදේශයේ සිට පන්නායි හන්දිය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා සහභාගි වූහ. ‘අපගේ අනාගතය වෙනුවෙන් පරිසරය සුරකිමු’ යන තේමාව යටතේ 512 වන....
17th November 2017 11:28:57 පැය
මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මුලතිව් දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලිය පැවැත්වීම සඳහා 64 වන සේනාංක ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ලබාදෙන ලද අතර, එම තරඟාවලිය නොවැම්බර් 6 – 7 දිනයන්හිදී පැවැත්වීමටද සියළු සහයෝගයන් ලබාදෙන ලදි.
17th November 2017 11:14:26 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක භට පිරිස් විසින් මහනුවර, ගලහ හිඳගල සීවලි මහා විද්‍යාලය ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් අඟහරුවාදා (07) දින පාසල් අවසන්විමත් සමඟ දිවා ආහාර වේලක් ලබාදෙන ලදි. 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති එම සේනාංක භට පිරිස් සහයෝගයෙන් ඔවුන්ගේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම දිවා ආහාර වේල ලබාදීම සිදු කරන ලදි.
16th November 2017 09:22:56 පැය
මෝසම් වර්ෂා කාලය ආරම්භවීමත් සමඟම පැතිරමින් පවතින ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරියලන්ගපද්දුවාන්......
16th November 2017 09:22:49 පැය
මෙවර අධ්‍යාපන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනිසිටින මුලතිව් සිසුන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මුලිකත්වයෙන් නොවැම්බර් මස 4 සහ 5 යන දිනයන්හි මුල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ දී සහ.....
16th November 2017 09:22:38 පැය
ස්වාධීන රූපවාහිනී සේවය (ITN) සම්බන්ධිකරණයෙන් වවුනියාව, වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රථමික විද්‍යාලයේ සිසුන් වෙත පාසල් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (02) දින පවත්වනු ලැබීය.
14th November 2017 10:05:46 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු භට පිරිස් විසින් තවත් ප්‍රජා සත්කාරයක් ලෙස හේමාස් ලංකා පුද්ගලික සමාගමේ (Hemas Lanka PLC) මුල්‍ය දායකත්වයෙන් සඳුදා (30) දින වවුනියාව සැළලිහිණිගම නව පෙරවිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකොට ප්‍රජා අයිතියට පත් කරන ලදි.
14th November 2017 09:55:37 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භට පිරිස් ‘බදුල්ල රොටරි සමාජය’ සමඟ සහයෝගයෙන් නොවැම්බර් මස 3 සිට 5 දින දක්වා බදුල්ල නගර මධ්‍යයේ ‘පැරණි ලන්දේසි කොටුවේ’ දී වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.
14th November 2017 09:51:12 පැය
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්වීමෙන් ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වන ලදී.