26th December 2019 10:00:10 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළෙණ ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් ගංගා, වැව් හා ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් නැගෙනහිර පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමට ලක්ව සාමාන්‍ය ජනජීවිතයට බාධා පමුණවා ඇති අතර අදාළ ප්‍රදේශවල යුද්ධ හමුදා සාමාජිකයින් මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.
26th December 2019 09:49:16 පැය
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක පස් කදු කඩාවැටීම් සිදුවෙමින් පවතින අතර කොළඹ - බඳුල්ල දුම්රිය මාර්ගයේ ‘ආරුක්කු පාලම’ අසල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩාවැටි දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය. මෙම හදිසි තත්ත්වය පිළිබඳ සැළවූ වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි භටපිරිස් ඉකුත් සෙනසුරාදා (21) දින දුම්රිය මාර්ගයට කඩා වැටි තිබුණු පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතුවල නිරතවිය.
22nd November 2019 09:52:23 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 වන බලසේනාව, 112 වන බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් යටතේ සේවයේ නියුතු නිලධාරීන් 35 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 335 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉකුත් සඳුදා (11) දින නල්ලතන්නියේ සිටි ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ගය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සිකුරාදා (08) දින නව යුද්ධ හමුදා මුලස්ථානය විවෘත කිරීමට සමගාමීව සිදු කෙරිණි.
22nd November 2019 09:45:43 පැය
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ පූර්ණ සහයෝගය ඇතිව 622 වන බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම යටතේ පදවිය, ඌරව, මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි තවත් අඩුආදායම්ලාභි පවුලක් වෙනුවෙන් 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන්...
22nd November 2019 09:35:49 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වී රවිප්‍රිය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා සහ 571, 572, 573 හා 574 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්...
29th September 2019 21:29:28 පැය
යාපනය ප්‍රදේශයේ පදිංචි ආබාධිත සිවිල් වැසියෙකුට රෝදපුටුවක් අවශ්‍ය බව දැනුම්දීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවෙගොඩ විසින් ආබාධිත සිවිල් වැසියාට නව රෝදපුටුවක් ලබාදීමට පියවර ගන්නා ලදී.
25th September 2019 20:10:37 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා එම සේනාංක මූලස්ථානය බලප්‍රදේශයේ පිහිටි ඒකකයන්හි සංචාරය කළ අවස්ථාවේදී, දරුවන් දෙදෙනකු සමඟ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන ආබාධිත හිටපු එල්.ටී.ටී.ඊ කාන්තාවකගේ සුවදුක් විමසීමට කාරුණික විය.
25th September 2019 15:04:31 පැය
යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිදුකළ පළමු නිල සංචාරයට සමගාමීව යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට තවත් පාපැදි තොගයක් සහ ආර්ථීක වටිනාකමින් යුත් පැළ තොගයක් බෙදාදීමේ උත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (21) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.
22nd September 2019 18:30:20 පැය
මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනා මුලස්ථානය මාතලේ පිහිටි බෞද්ධ කාන්තා සංගමයේ වාර්ෂික ව්‍යාපෘතියක් එම සංගමයේ සාමාජිකාවන් සමඟ සම්බන්ධීකරණයෙන් නරිකාඩු සහ කොන්ඩච්චි ගම්මානයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් 50 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (20) දින පවත්වන ලදි.
20th September 2019 13:24:38 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන සිවිල්-හමුදා සුභසාධන ව්‍යාපෘතින් හි තවත් එක් වැඩසටහනක් ලෙස විශේෂ අක්ෂි සායනයක් ඉකුත් සිකුරාදා (13) දින වන්නි ප්‍රදේශයේ පිහිටි 56 වන සේනාංක මූලස්ථානයේ දී පැවැති අතර එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිවිල් වැසියන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.