Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2023 21:52:07 Hours

4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ හරවත් දේශනයක් උන්නාච්චි ධීවර සංගම් ශාලාවේදී පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා එම බලකායේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු ඇතුළුව උන්නිච්චි ප්‍රදේශයේ තරුණයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූහ.

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව අයිත්තමලෙයි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.ඒ.සී වෙලගෙදර විසින් මෙම දේශන පවත්වන ලදී.

4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.පී.අයි.එච් සේනානායක උපදෙස් මත මෙම සැසිය පවත්වනු ලැබීය.