25th August 2024 08:03:30 Hours
"A-9 Fusion සංස්කෘතික සහ ක්‍රීඩා එකමුතුව" යාපනය හින්දු විද්‍යාලයේ දී පැවැත් වූ අතර, මේ සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් 2024 අගෝස්තු මස 23 දින සහභාගී වූහ.
මහනුවර සහ යාපනය ප්‍රදේශවල සංස්කෘතික හා භාෂාමය වූ විවිධත්වය තුළ පාසැල් සිසුන් අතර බැඳීමක් ඇති කිරීම මෙම උත්සවයේ අරමුණ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ආරක්‍ෂ සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් .එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූයේය.
මෙම වැඩසටහන සුහද ක්‍රිකට් තරඟයක්, සංස්කෘතික සංදර්ශනයක් සහ චිත්‍ර ප්‍රදර්ශනයකින් සමන්විත විය. මෙම අවස්ථාවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ මහතා , දෙවිදුහල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ ආදි සිසුන් සහභාගී වූහ