20th August 2024 18:58:29 Hours
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 121 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් 2024 අගෝස්තු 17 දින වැල්ලවාය, හඳපානාගල ප්‍රදේශයේ පිහිටි මෙත් සේවා පදනම් නිවහනේදී පිරිසිදු කිරීමේ සහ විනෝදාස්වාද වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව පැවති මෙම උත්සවයේදී ළමුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක්, කැලිප්සෝ සංගීතය ඇතුළු විනෝදාස්වාද වැඩසටහන් ඇතුළත් විය. මීට අමතරව, බොරලස්ගමුව ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇතිව විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටියන් 100 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබිණි.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.