Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2024 16:53:47 Hours

ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සාලියපුර වැඩිහිටි නිවාසය පිරිසිදු කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 15 දින සාලියපුර වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනට සමගාමීව භටපිරිස් විසින් විනෝදාස්වාද වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.