09th September 2024 15:11:27 Hours
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මැදිහත්වීමෙන් මයුර මෙත්සෙවන විහාරාධිපති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් විහාරස්ථාන පරිශ්‍රය වටා අභිනවයෙන් ඉදිකරන ලද තාප්පය කපරාදු කිරීම සහ තීන්ත ආලේප කිරීම සිදුකරන ලදී.
ප්‍රදේශයේ දානපතියන් විසින් අවශ්‍ය ද්‍රව්‍ය සහ සම්පත් සපයා දුන් අතර, 12 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 06 දින මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා ඔවුන්ගේ තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 සංවත්සර දිනයට සමඟාමීව ඉදිකරන ලද මෙම තාප්පය විහාරස්ථානය වෙත භාරදීම සිදුකළ අතර, මයුර මෙත්සෙවන විහාරාධිපති හිමියන් සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකළ 12 පාබල සේනාංකයේ භට පිරිස් වෙත හෘදයාංගම කෘතඥතාව පළ කළේය.