12th September 2024 11:57:38 Hours
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ආරාධනයෙන් ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම විශ්වවිද්‍යාල දේශන ශාලාවේදී කළමනාකරණයේ ගතිවිද්‍යාව පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2024 සැප්තැම්බර් මස 11 දින පවත්වන ලදී.
මෙම දේශනයේදී කළමනාකරණයේ ගතිවිද්‍යාවෙහි භූමිකාව සහ සන්නිවේදනය, නායකත්වය සහ කණ්ඩායම් ගතිකත්වයෙහි ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය යොමු කරන ලදි. මෙම වැඩමුළුව සඳහා උපාධි අපේක්ෂකයින් 60 දෙනෙකු සහභාගී විය.