Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2024 12:32:42 Hours

243 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී. කුමාරසිංහ ගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 14 දින කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසුනිලයන් 40 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.