Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2024 12:23:16 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ සුරතින් කඩවත්මඩුව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ නව චෛත්‍යය ඉදිකිරීම සඳහා මුල්ගල් තබයි

වැලිකන්ද, කඩවත්මඩුව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ නව චෛත්‍යයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 දින පැවති අතර එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.එ්. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මිය සහභාගි විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.