Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2024 15:15:30 Hours

12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ඊරාලක්කුලම්, සිත්තංඩි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 07 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.

නව නිවසේ ඉදිකිරීම් කටයුතු 12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්.එම්.වී.පී. හේරත් ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරුණු අතර 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ සුරතින් නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නව නිවස පවරාදෙනු ලැබීය.

නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.