07th October 2024 17:03:57 Hours
12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස්හී මූලිකත්වයෙන් අලවකුඹුර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝම්බර් මස 04 දින පැවති උත්සවයකදී නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය. අරලගංවිල මහජන බැංකු ශාඛාවේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභී පවුලේ සාමාජිකයින් ද සහභාගි වූහ.