29th November 2024 11:23:36 Hours
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 521 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එච්.ආර්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත 52 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ගංවතුරින් අවතැන් වූ කට්කෝවලම් සහ පුලිදනගර් ප්‍රදේශයන්හි වැසියන් එම ප්‍රදේශවලින් ඉවත්කිරීමට කටයුතු කරනු ලැබූහ.
ඒ අනුව, අවතැන් වූ පවුල් 25 ක සාමාජිකයින් 45 දෙනෙකු කට්කෝවලම් මෙතෝදිස්ත මිෂන් මිශ්‍ර දමිළ විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රැඳවුම් මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.