28th November 2024 15:02:41 Hours
රට පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 දින මුතියන්කට්ටු කුලම් ජලාශයේ වාන් දොරටු හතර විවෘත කිරීම හේතුවෙන් වසන්තිපුරම් ගම්මානයට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති විය. මෙම ගංවතුරෙන් පවුල් 72කට බලපෑම් එල්ල වූ අතර පුද්ගලයන් 129 දෙනෙකු අවතැන් විය.
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම සහ 593 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් අවතැන් වූ පවුල් කඩිනමින් මන්නාකන්දල් මිශ්‍ර පාසල වෙත ගෙන ගොස් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන් වෙත කඩිනම් සහන සැලසීමට කටයුතු සිදුකරන ලදී.
ගංවතුර හේතුවෙන් කුලමුරිප්පු ප්‍රදේශයේද දැඩිව ජලයෙන් යටවී ඇති අතර, ප්‍රාදේශීය ඉදිකිරීම් ආයතනයක කම්කරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් සමත් විය. පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරකරුවෙකු වන ඩී.එම්.එස්. අජිත් කුමාර, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ මාස 9 ක් වයසැති බිළිඳා නිල නිවසින් නිරුපද්‍රිතව බේරාගැනීමට ද කටයුතු කරන ලදී.