03rd March 2023 09:54:19 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 551 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සහ ඔවුන්ගේ තාක්ෂණික දැනුම, ශ්‍රම දායකත්වය ලබාදෙමින් දානපතියෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව පේදුරුතුඩුව තුම්පලෙයි (ඊ) ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.
02nd March 2023 18:16:32 පැය
දෙමවුපිය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට නිලධාරීන්ගේ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනේදී ඔවුන්ගේ සැඟවුණු කුසලතා, පුහුණු කළ කුසලතා සහ නායකත්ව ගුණාංගවල ප්‍රගතිය සිය දෙමාපියන් ඉදිරියේ විදහාදැක්වීය.
02nd March 2023 18:00:32 පැය
59 පාබල බලසේනාව සහ 593 පාබල බලසේනාවේ භටපිරිස් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාව සමඟ එක්ව චෙම්මලෙයි දෙමළ පාසල සහ කෝකිලායි සිංහල පාසලේ ඉගෙනුම ලබන සිසුන් 200 දෙනෙකු සඳහා ඉකුත් අඟහරුවාදා (පෙබ 28) දින පාසල් උපකරණ බෙදා දෙන ලදී.
02nd March 2023 17:15:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 141 වන පාබල බලසේනාවේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (පෙබ 28) දින උඩුපිල ප්‍රාදේශීය රෝහල් සංකීර්ණය අවට පරිසරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් දියත් කර එහි මාතෘ සායනයට පැමිණි ගැබිණි මව්වරුන් ඇතුළු නේවාසික රෝගීන් 100 දෙනෙකු සඳහා දිවා ආහාර වේලක් ලබා දෙන ලබාදුන්හ.
01st March 2023 20:08:14 පැය
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් මැනිං ටවුන්හි පවත්වාගෙන යනු ලබන ලබන ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ‘ලින්ක් නැචුරල් පුද්ගලික සමාගම සමඟ එක්ව ජංගම දන්ත වෛද්‍ය සායනයක් පෙබරවාරි 28 (අඟහරුවාදා) දින පවත්වනු ලැබීය.
01st March 2023 19:55:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථාන - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයේ 593 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් වර්ෂ 1975 – 1980 යන කාලයන් තුලදී කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් ප්‍රදේශයේ කෝකිලායි විද්‍යාලයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 91 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පෙබරවාරි 27 වන දින පවත්වනු ලැබීය.
28th February 2023 18:17:08 පැය
ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයට අයත් 211 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් (The Spirit of Giving) සංගමයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව, පඩිග්ගම, අ/ධර්මාශෝක විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ ඇසුරුම් 64ක් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (25) දින පවත්වනු ලැබීය.
28th February 2023 18:00:08 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංක මූලස්ථානයේ 221 වන පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් එංගලන්තයේ ‘චෙස්නට් පදනමේ’ (Chesnut Foundation ) මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 25 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සඳුදා (27) දින පවත්වනු ලැබීය.
19th February 2023 18:39:10 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 122 වන පාබල බලසේනාවේ සහ 12 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත යෝදකණ්ඩිය, ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සහ කිරින්ද, ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 30 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 18) දින ශ්‍රී දේවානන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
19th February 2023 18:35:24 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත කැනඩාවේ පදිංචිව සිටින පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත දීර්ඝ කාලයක් පුරාවට පානීය ජලය නොමැතිව දුෂ්කරතාවයන්ට මුහුණ පාමින් සිටි ශාන්තිපුරම් ප්‍රදේශයේ පවුල් 125 ක වැසියන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ජල පෙරණ පද්ධතියක් ස්ථාපනය කරන ලදී.