Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2023 18:50:02 Hours

මඩකලපුව ප්‍රදේශයේ රෝගීන් වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයන් 80 දෙනෙකු සිය රුධිරය පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයට අයත් 233 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මාර්තු මස 2 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මඩකලපුව ලේ බැංකුව වෙතින් ලබාදුන් සහයෝගය මත මෙම වැඩසටහන නාවල්අඩි ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩසටහන සඳහා 23 වන පාබල සේනාංකය, 233 වන පාබල බලසේනාව සහ 6 වන ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් 80 දෙනෙකු සිය රුධිරය පරිත්‍යාග කළහ. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.එල්. රත්නායක විසින් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.