13th March 2023 18:10:02 Hours
පිළියන්දල, මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාම පුරාණ මහා විහාරස්ථානයේ වැඩවිසූ අපවත්වී වදාළ පූජ්‍ය වල්මිල්ලේ ශ්‍රී සෝමානන්දභිධාන හිමිපාණන්ගේ 6 වන ගුණානුස්මරණ දිනය නිමිත්තෙන් 2023 මාර්තු මස 11 දින පවත්වනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 25 දෙනෙකු සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ. ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ මාර්ගෝපදේශ සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා 142 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා 142 වන පාබල බලසේනාව සහ 7 වන ගැමුණු හේවා බලකායට අයත් භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කළහ.