24th June 2023 18:20:15 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 205 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (ජුනි මස 13) දින නිලාවේලි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
පසුගිය සති කිහිපය තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම වෙරළ තීරය අපද්‍රව්‍ය සහ කැලි කසල වලින් අපවිත්‍රව පැවතිණි.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ. පීරිස් ආර්එස්පී සහ එම බලසේනාව යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 02 දෙනෙක් සහ සෙසුනිලයන් 30 දෙනෙක්, පොලිස් නිලධාරීන් 28 දෙනෙක් සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් 05 දෙනෙකු ද සිය දායකත්වය ලබාදුන්හ.