28th June 2023 22:21:40 Hours
කොස්ගමදී පවත්වන ලද ‘විරු අමාදහර’ බෞද්ධාගමික වැඩසටහන ‘ජය ටීවී’ මගින් විකාශය වූ අතර, ඒ සඳහා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 ඩ්‍රෝන රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයින් පසුගිය බදාදා (26) වන දින සිය දායකත්වය ලබාදෙන ලදී.
බෞද්ධාගමික වැඩසටහන කොස්ගම ‘ස්වර්ණ ජයන්ති’ රණවිරු ගම්මානයේදී පවත්වන ලද අතර, එහි මූලික අරමුණ වූයේ මෙම රණවිරු ගම්මානයේ ජීවත්වන සෙබළුන්ගේ පවුල්වලට සහ ඔවුන්ගේ දරුවන්ට උපකාර කිරීමය. එහිදී ඔවුන්ගේ පවුල්වලට සහ දරුවන්ට වියළි ආහාර සලාක පාර්සල් සහ පාසල් උපකරණ පිරිනැමිණි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 142 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 ඩ්‍රෝන රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයින් විසින් එහිදී වැඩසටහන සංවිධානය කිරීම, එම ස්ථානය සුද්ද පවිත්‍ර කිරීම සහ ත්‍යාග බෙදා දීම සඳහා ක්‍රියාකාරීව දායකත්වය දැක්වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 15 ඩ්‍රෝන් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් මෙම වැඩසටහනේ කටයුතු අධීක්ෂණය කරන ලදී.