14th July 2023 21:07:20 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 61 පාබල සේනාංකයේ භටපිරිස් කෑගල්ල උඩමකඩවර කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 50 දෙනෙකු වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජූලි මස 01) දින එම පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
මෙම නායකත්ව වැඩසටහන දේශන, ගෘහස්ථ හා එළිමහන් අභ්‍යාස සහ ආදර්ශන සමඟින් පැවැත්විණී. පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් යථාර්ථවාදී පුහුණු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන නායකත්වයේ සැබෑම අත්දැකීමක් පිළිබඳ වටිනා අවබෝධයක් සහ අත්දැකීම් ද ලබාදුන්හ.
පාසල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම මත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු 611 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් විසින් සිදුකරනු ලැබීය.