Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th July 2023 18:56:18 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සිසු සිසුවියන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

චීන බෞද්ධ විහාරස්ථානයේ සහ චීන මහජන සමූහාණ්ඩුවේ බෞද්ධ බැතිමතුන්ගේ සහ චීන බැතිමතුන්ගේ අනුග්‍රාහකත්වය මත අක්කරෙයිපත්තුව ධර්මරතන සිංහල මහා විද්‍යාලය සහ අක්කරෙයිපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන දම්රුවන් පෙර පාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 100 දෙනෙක් වෙනුවෙන් රුපියල් 5100.00 ක වටිනාකමකින් යුක්ත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැසඩටහනක් පසුගිය සෙනසුරාදා (ජුලි මස15) දින ක්‍රියාත්මක කෙරිණි. 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පි පීඑස්සී ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී විසින් සිදුකරන ලදී.

අක්කරෙයිපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දේවගොඩ සෝරත හිමිපාණන්ගේ ආශිර්වාදය මත ක්‍රියාත්මක කෙරුණූ මෙම වැඩසටහන සඳහා නිශාන්ත විතාරණ මහතා සහ උදය කරුණාරත්න මහතාගේ අනුග්‍රාහකත්වය හිමිවිය. 241 පාබල බලසේනාවේ භටපිරිස්හි දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී සහල්, පරිප්පු, සීනි, කිරිපිටි, නූඩ්ල්ස්, ටින්මාළු සහ පිටි ආදී වියළි ආහාර සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණි.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.