Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2023 21:15:29 Hours

පිළියන්දල ප්‍රදේශයේ පැවති ඩෙංගු මර්ධන වැඩසටහනට 142 පාබල බලසේනාවේ භටපිරිස්හි දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන කොට්ඨාශයේ භටපිරිස්වල සහභාගීත්වයෙන් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස මහජන ආරක්‍ෂාව වෙනුවෙන් 2023 අගෝස්තු මස 3 සිට 5 දින දක්වා කාලය තුළ පිළියන්දල ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු වසංගතය වැළැක්වීමේ අරමුණින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් සමඟ එක්ව යුද්ධ හමුදා භටපිරිස් මෙම වැඩසටහන දියත්කරන ලදී.

මෙම වැඩසටහනේදී, පරිසරය පිරිසිදුව පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගැනීම සහ දිගුකාලයක් ජලය රැඳෙන මූලාශ්‍ර ඉවත් කිරීම යුද්ධ හමුදා භටපිරිස්හි කාර්යභාරය විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 8 වන කොට්ඨාශයේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.