25th April 2023 18:20:20 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පසුගිය සඳුදා (24) දින රාගම ‘රණවිරු සෙවන’ සුවතා නිකේතනයේ පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එම මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූවේය.
එම මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එන් මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සමඟින් එම මධ්‍යස්ථානයේ නේවාසික රණවිරුවෙකු එක්ව බුලත් අතක් දී උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟින් අදහස් හුවමාරු කරගනිමින් ඔවුන් වෙත ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුව රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් පිරිනමනු ලැබුවේය. එම ත්‍යාග පාර්සල් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රණවිරුවන් වෙත පරිත්‍යාග කිරීම සඳහා පරිනමා තිබිණී.
සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.
මෙම සංචාරය සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී, 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ජී.පී.ඩී.වී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.