19th April 2023 20:30:14 Hours
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස්හි මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 28 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.
එම සිවිල් සේවක මහත්ම මහත්මීන් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙනුවෙන් සිදුකරනු ලබන සේවය පැසසුමට ලක්කරමින් ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ සුරතින් එම පරිත්‍යාගයන් පිරිනමනු ලැබීය. මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් වෙත රුපියල් 6000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් සහ රෙදිපිළිවලින් සමන්විත ත්‍යාග පාර්සල් පිරිනැමූ අතර පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ සංගීත සංදර්ශනයක් ද පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.