Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2025 10:41:44 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2025 ජනවාරි මස 24 සහ 25 යන දිනවල ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

මෙම වැඩසටහනේදී එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් රන්මුතුගල ශ්‍රී විමලවංශ ළමා නිවාසයේ දරු දැරියන් වෙත ආහාර, ලිපි ද්‍රව්‍ය, සෙල්ලම් බඩු සහ පෝෂණ ද්‍රව්‍ය 2025 ජනවාරි මස 24 වන දින බෙදා දෙන ලදී.

පසුදා, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් කඩුවෙල විල්බට් පෙරේරා අනුස්මරණ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වියළි ආහාර සලාක, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ පෝෂ්‍යදායී ආහාර බෙදා දෙන ලදී . පසුව කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විශේෂ උත්සවයක් පවත්වන ලද අතර, එහිදී එම රෙජිමේන්තුවේ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්හට ගෘහ උපකරණ, වියළි ආහාර සලාක සහ ඇඳුම් පැළඳුම් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.