Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2025 19:36:55 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස සුමංගලී පතිරවිතාන මහත්මිය 2025 ජනවාරි මස 20 දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදි.

සුමංගලී පතිරවිතාන මහත්මිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබුවාය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසක් සහභාගි වූහ.