Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th February 2025 21:29:42 Hours

ගැමුණු හේවා බලකා සේවාවනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ගැමුණු හේවා බලකා සේවාවනිතා ශාඛාව වෙතින් 2025 පෙබරවාරි මස 8 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම අවස්ථාවේදී, බ්‍රවුන්ස් කෘෂිකාර්මික (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් කළමණාකාර චමින්ද සේනාරත්න මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් රෝදපුටු දෙකක් ද පරිත්‍යාග කෙරිණි.

ඉන් අනතුරුව, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ දරු දැරියන් වෙත පාසල් උපකරණ පාර්සල් 85 ක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ දරු දැරියන් ද සහභාගි වූහ.