06th February 2025 09:57:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සිවිල් සේවක හසිත් උදාන මහතාගේ අර්ධ වශයෙන් ඉඳිකරනු ලැබූ නිවසේ ඉඳිකිරීම් කටයුතු නිමකර 2025 ජනවාරි මස 31 දින නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මිය සහභාගි වූ අතර එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.