2023-07-27 20:17:27
ඩිජිටල්කරණයත් සමඟ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුකරලීම සඳහා සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු තෝරාගන්නා ලද යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයින් 55 දෙනෙකුගේ දරුවන් සඳහා ටැබ් යන්ත්‍ර ප්රදානය කරන ලදී.
2023-07-14 00:45:04
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 39 වන සංවත්සර සැමරුමට සමගාමීව පසුගිය බදාදා (ජුලි මස 12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේදී එහිදී ගැබිණි යුද්ධ හමුදා කාන්තා නිළධාරිනියන් සහ ගැබිණි යුද්ධ හමුදා සෙබලියන් වෙත අත්‍යාවශ්‍ය සලාක පාර්සල් සහ තෑගි පාර්සල් තොගයක් බෙදා දෙන ලදී.
2023-07-12 20:17:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙතින් එම මූලස්ථානයේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්...
2023-07-11 20:44:50
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මිය තවත් සේවා වතිනා සාමාජිකාවන් කිහිපදෙනෙකු සමඟින් පසුගිය බදාදා (ජුලි මස 5) දින අත්තිඩිය මිහිඳු සෙත්මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවෙමින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.
2023-07-05 23:11:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකය සහ කොළඹ යුද්ධ හමුදා රෝහල එක්ව පොල්හේන්ගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජුනි 27) දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකය සහ එම බලකා සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරනු ලැබු අතර, එම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු 100 කට අධික පිරිසක් සහභාගී වූහ.
2023-07-05 23:11:56
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ධනුෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් මත එම ශාඛාවේ සාමාජිකාවන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 29) දින පාන්ගොල්ල ‘අබිමන්සල 3’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන වීරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා සංචාරයක නිරත විය. සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රණවිරුවන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ පවුල්වල සුවදුක් විමසූ අතර, රෝගාබාධ තත්ත්වයන් පිළිබඳව ද විමසා සිටියහ.
2023-07-03 21:55:43
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් සඳහා දැනට ක්‍රියාත්මක කරනු ලබන යෝගට් නිෂ්පාදනය කිරීමේ ව්‍යපෘතීන් තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියතලාව, 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද ‘යෝගට්’ නිෂ්පාදන මධ්‍යස්ථානය පසුගිය ඉරිදා (ජූලි 02) දින විවෘත කරන ලදී.
2023-07-01 22:03:45
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් කරනු ලබන මින්නේරිය ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සිකුරාදා (ජූනි මස 30) දින මින්නේරිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටි ජෙනරල් ලයනල් බලගල්ල ක්‍රීඩාංගණයේදී ‘Jungle’ තේමාව ඔස්සේ පැවැත්විණි.
2023-06-29 21:39:53
මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙරපාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය බදාදා (28) දින එම පෙර පාසල් ක්‍රීඩාපිටියේදී පැවැත්වූ අතර, එහිදී ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා සහ සෞන්දර්ය කුසලතා එළිදැක්වූහ. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. එහිදී, දරු දැරියන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත මල් කළඹක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-06-29 21:10:53
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආබාධිත සෙබළුන් අතර බෙදා දීම සඳහා පරිත්‍යාගශීලී ප්රජානිත පුෂ්පකුමාර සහ ජයනාත් ද සිල්වා යන මහත්වරුන් විසින් නව රෝද පුටු තුනක් පසුගිය අඟහරුවාදා (17) දින රත්නපුර, කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පරිත්‍යාග කරනු ලැබීය.