2024-06-25 19:03:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මියගේ උපදෙස් මත 2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.ජී.එම් ප්‍රේමතිලක ගේ අධීක්ෂණය යටතේ මැදවච්චිය එම ඒකක පරිශ්‍රයේ ඉදිකරන ලද නව පුස්තකාලය 2024 ජුනි මස16 දින විවෘත කරන ලදී.
2024-06-25 08:12:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ආචාර්ය හිමාලි නියංගොඩ මහත්මියගේ උපදෙස් මත සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන් ගුණරත්න ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 19 දින හෝමාගම දොළහේන ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 99 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2024-06-24 22:26:55
පොසොන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ උපදෙස් මත 2024 ජුනි මස 21 දින පනාගොඩ දී මඤ්ඤොක්කා දන්සැලක් පවත්වන ලදී.
2024-06-24 22:26:33
පොසොන් පොහොය දින වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා කඳවුරු පරිශ්‍රයේදී 2024 ජුනි මස 21 දින කොස් දන්සැලක් පවත්වනු ලැබීය.
2024-06-23 16:49:07
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් පොසොන් පොහොය දින සන්ධ්‍යාවේ දී අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල දී බත් දන්සැලක් පවත්වන ලදී.
2024-06-23 16:39:22
පොසොන් පොහොය දිනයට සමඟාමීව ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ගංගා හේරත් මහත්මියගේ සහභිත්වයෙන් 2024 ජුනි මස 21 දින මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ දී සව් දන්සැලක් සංවිධානය කරන ලදී.
2024-06-21 13:38:12
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 ජුනි මස 15 දින මහනුවර ‘සිඟිති සෙවන’ ළමා නිවාසයේ ළමුන් 30 දෙනෙකු සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන පවත්වන ලදී.
2024-06-18 18:22:25
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ උපදෙස් මත වග ශ්‍රී රතනසාර විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 14 දින පවත්වන ලදී.
2024-06-18 18:21:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මියගේ උපදෙස් මත ඉදිකරනු ලැබූ ‘සාහිත සංහිතා’ නම් නව පුස්තකාලය 2024 ජුනි මස 12 දින විවෘත කරනු ලැබීය. මෙම නව පුස්තකාලය පරිශීලකයින් සඳහා විශාල ග්රන්ථ එකතුවකින් සහ නවීන පුස්තකාල කළමනාකරණ පද්ධතියකින් සමන්විත වේ.
2024-06-10 17:30:48
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 27 වන වාර්ෂික මහසභා රැස්වීම 2024 ජුනි මස 02 දින විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේදී එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරා යටිවාවල අලුවිහාරේ මහත්මියගේ මඟපෙන්වීම මත පැවැත්විණි.