Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2024 18:21:40 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් අපේක්‍ෂා රෝහලවෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කිරීමේ වැඩසටහණක්

මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ගේ සුවපහසුව සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව විසින් එම රෝහලේ ප්‍රථිකාර ලබන කාන්තා රෝගීන් 350 දෙනෙකු සඳහා ඇඳ ඇතිරිලි, කොට්ටා උර, තුවා සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රෝහල් බලධාරීන් වෙත ලබා දීමේ වැඩසටහනනක් 2024 අප්‍රේල් මස 27 දින පැවැත් වූහ.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය සහභාගී වූ අතර, එම රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද එම සහභාගි වූහ.