2024-07-15 11:43:11
2024-07-14 06:45:46
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 40 වන සංවත්සරය සැමරුම වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් 2024 ජූලි මස 12 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයක් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඒ.එච්.ඒ.ඩී. ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීටීඑස්සී ගේ අධීක්ෂණය යටතේ බීට්, කජු, කොමඩු සහ කොස් පැල සිටුවන ලදී.
2024-07-11 18:37:38
ඉංජිනේරු සේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදිතා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය මත 2024 ජූලි මස 06 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී එම සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම පැවැත්විණි.
2024-07-11 18:35:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම 2024 ජූලි මස 07 දින 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.
2024-07-11 18:32:38
ඉංජිනේරු සේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදිතා පෙරේරා මහත්මියගේ මූලිකත්වයෙන් 4 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් බ්‍රහස්පතින්දා (2024 ජුනි මස 27) දින එම සේවා වනිතා ශාඛාව ඔස්සේ මූල්‍ය පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-07-09 05:51:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී පරිත්‍යාග වැඩසටහනක් 2024 ජූලි මස 06 දින පැවැත්විණි.
2024-07-08 21:22:50
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ මඟපෙන්වීම යටතේ ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 ජුනි මස 29 දින කඹුරුපිටිය අභිමංසල 2 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය. මෙම සංචාරයේ අරමුණ වූයේ එම සුවතා නිකේතනයේ පුනරුත්ථාපන වන රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීමයි.
2024-07-08 21:20:30
පොසොන් පොහොය දිනට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමන්කා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් 2024 ජූලි මස 04 දින දානමය පිංකමක් පවත්වන ලදී. එහිදී, නුගේගොඩ ශ්‍රී ප්රඥෝදය මහා පිරිවෙනේදී භික්ෂූන් වහන්සේලා සිය නමකට දානය පූජා කරන ලදී.
2024-07-02 18:52:03
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රශාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් අම්බලන්ගොඩ පිහිටි වරුසවිතාන වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මාසික දානමය වැඩසටහන 2024 ජුනි මස 29 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-07-02 14:14:14
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ජුනි මස 28 දින ඇස් කණ්නාඩි ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.