08th April 2025 13:00:13 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කල්‍යාණි විජේරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, ජාතික ලේ බැංකුව සමඟ සම්බන්ධීකරණයෙන් 2025 අප්‍රේල් මස 03 දින නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
ජාතික ලේ බැංකුවේ රුධිර සංචිත ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා පරිත්‍යාගශීලීන් 400 කට ආසන්න සහභාගී වූ අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.